සුඩානයේ ගැටුම් දරුණු අතට

සුඩාන රජයේ හමුදා හා රාජ්‍ය විරෝධී සන්නද්ධ හමුදා අතර ඊයේ උදෑසන සිට ඇතිවූ දරුණු සටන්වලින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගැටුම්වලින් තුවාල ලැබූ සංඛ්‍යාව 200 කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිතයින් තුන්දෙනෙක් ද මෙම ගැටුම්වැටට මැදිව ජීවිතක්ෂයට පත්ව ඇතැයි ජගත් සංවිධානය නිවේදනය කර තිබෙනවා.

සුඩාන හමුදා රජය තුළ පවතින බල අරගල අවි ගැටුම මේ වනවිට උත්සන්න වී ඇති බැවින් එරට සිටින විදේශිකයින් හට නිවෙස් තුළ හෝ නේවාසික ස්ථානවල රැදී සිටින ලෙස සුඩාන හමුදා ප්‍රධානීන් උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?