සෑම දිස්ත්‍රික්කයකටම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් – නි.ඇමති වටගල

සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හෝ ආරම්භ කිරීමට නියමිත බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුසිල් වටගල පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය මේ බව සඳහන් කළේ “රටම එකට” ජාතික මෙහෙයුමේ කළුතර දිස්ත්‍රික් සමුළුවේ දී අදහස් දක්වමින්.

පසුගිය අයවැය මඟින් මේ සඳහා මුදල් වෙනකොට තිබෙන බවත්, ඒ අනුව සෑම දිස්ත්‍රික්කයම පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටුවීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාලය කළු ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක වන බවට පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා,, එහි සැපයුම් ජාලය මේ වන විට සැලකිය යුතු මට්ටමකට බිඳ දමා ඇති බවත්, එහිදී වැඩිදුරටත් සඳහන් කළා.