සාන්තන්ගේ අවසන් කටයුතු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස ලබා, සිය බව බැලීමට මෙරටට පැමිණීමට සූදානමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වූ ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් සාන්තන්ගේ අවසන් කටයුතු යාපනය – වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

වකුගඩු රෝගයකට ගොදුරු වීමෙන් අනතුරුව ඉන්දියාවේ චෙන්නායි නුවර රජීව් ගාන්ධි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය සාන්තන්ගේ මෘත දේහය ඊයේ (01) මෙරටට රැගෙන ආවා.

මේ අතර ඔහුගේ දේහය මේ වනවිට මීගමුව රෝහලේ තැන්පත්කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු මෘත දේහය ඥාතීන්ට භාරදීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එම සිරුර රැගෙන ආ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුව සිට නිදහස හිමිවීමෙන් පසු සාන්තන්ගේ අවසන් ඉල්ලීම වුණේ යාපනය ප්‍රදේශයේ ජීවත්වන සිය මව සමඟ තමන්ගේ අවසන් සමය ගතකිරීමට අවසරය ලබාදෙන ලෙසයි.

ඒ, අනුව එම ඉල්ලීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී තිබූ අතර, ඔහුට මෙරටට පැමිණීමට ශ්‍රී ලංකා බලධාරීන් ද අවසර ලබා දී තිබුණා.

මෙම මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතව සිටි සාන්තන් පසුගිය 28 වනදා ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වුණේ.

සාන්තන්ගේ මරණය ගැටළුවක් බව සාන්තන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සඳහන් කළ අතර, ඔහුගේ මරණය සැක සහිත බව ද සඳහන් කර සිටියා.

රජීව් ගාන්ධි ඝාතන සැකකරුවන් වූ නලිනි, මුරුගන් ඇතුළු පිරිසක් ද, දකුණු ඉන්දීය දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් ද චෙන්නායිහි දී සාන්තන්ගේ මෘත දේයට වෙනුවෙන් අවසන් ගෞරව දක්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28