Fly high Get bonus Aviator Phone

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමට පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වෙයි

සහයෝගය දැක්වීමක් ලෙස මන්ත්‍රීවරයන්ට “කාන්තා හිංසනය පිටුදකින්නට අපි එක්වෙමු” යන වැකිය සහිත අත් පළඳනාවක් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්විණි.

මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිණියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටියහ.

“කාන්තා හිංසනය පිටුකින්නටඅපි එක්වෙමු” යන වැකිය සහිත අත් පළඳනාවක් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පළඳවන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විසිනි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී විය. මෙහිදී ජනාධිපතිවරයා දන්වා සිටියේ කාන්තා පනත කෙටුම්පතක් කිරීම ඉතා ඉක්මනින් අවසන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.

මෑතකදී පාර්ලිමේන්තුවේදී පිහිටුවන ලද ස්ත‍්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පරිශීලනය කිරීම සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය විසින් පරිත්‍යාග කරන ලද ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවයට සහ සමාජ අන්තර්ගතකරණයට අදාළ ප‍්‍රකාශනවල විස්තර ඇතුළත් පත්‍රිකාවක්ද ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

“කාන්තා හිංසනය පිටුදකින්නට අපි එක්වෙමු” වැකිය සහිත අත් පළඳනාව ගරු අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාට, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට , විපක්ෂ නායක ගරු සජිත් ‌ප්‍රේමදාස මහතාට පැළඳවීම සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශය පිළිබඳ පත්‍රිකා පිරිනැමීම ඉන් අනතුරුව සිදු කෙරිණි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?