සඳහිරු මහ සෑ පොසොන් කලාපය‍ මෙවරත් අනුරාධපුරයේ දී

මෙවර පොසොන් පොහොය නිමිති කොට ගෙන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්‍ෂණයෙන් හා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් යුතුව පැවැත්වීමට නියමිත ‘සඳහිරු මහා සෑ පොසොන් කලාපය’ ජුනි මස 21 වන ‍පොසොන් පොහෝ දින සන්ධ්‍යාවේ අනුරාධපුර සඳහිරු සෑය පරිශ්‍රයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සුරතින් විවෘත කිරීමට නියමිතයි.

මෙම පොසොන් කලාපය ජුනි මස 30 වන දින දක්වා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ පූර්ණ දායකත්වයෙන් සිදු කරනු ලබන මෙම පොසොන් කලාපය අනුරාධපුර සඳහිරු සෑය අවට පූජා භුමිය දර්ශනීය තොරණ සහ පහන් කූඩුවලින් ආලෝකවත් කෙරෙන අතර, සුවහසක් බෞද්ධ ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන පොසොන් උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා ජනතාව වෙත මින් අවස්ථාව සැලසෙනු ඇති බවයි.

සඳහිරු මහා සෑ පොසොන් කලාපය වෙත පැමිණෙන සුවහසක් බෞද්ධ ජනතාවට දීඝවාපී ස්ථූපයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා සියැසින් දැක වන්දනාමාන කිරීමේ මහඟු අවස්ථාව ද මෙම පරිශ්‍රය තුළ සලසා තිබීම සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ සුවිශේෂී ලක්ෂණයක්.

පොසොන් පොහෝ දින උදෑසන 07.45 ට පමණ මෙම පූජනීය වස්තූන් සඳහිරු සෑය වටා පෙරහැරකින් වැඩම කරවා එහි බුද්ධ මන්දිරයෙහි ඉදිකර ඇති රන්සිවිගෙය තුළ තැන්පත් කර ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර තිබෙන බවත් වාර්තා වනවා.

මෙදින සඳහිරු සෑය පරිශ්‍රයේ සංවිධානය කරනු ලබන විචිත්‍රවත් වැඩසටහන් අතර සඳහිරු මහා සෑය, වංකගිරිය සහ පොසොන් කූඩු ආලෝකමත් කිරීම ප්‍රමුඛ වන අතර, පොසොන් කලාපය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සවස 05.40 සිට බත් දන්සල ද විවෘත කිරීමට නියමිතයි.

පොසොන් පොහෝ දින සඳහිරු සෑය ආලෝකමත් කිරීම, ආරක්‍ෂක ලේකම්වරයාගේ සුරතින් පස්වරු 06.30 ට සිදු කෙරෙන අතර, අනතුරුව එම පරිශ්‍රයේ ඉදි කෙරෙන දර්ශනීය තොරණ ද ආලෝකමත් කෙරෙනු ඇති.

ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් විසින් පවත්වනු ලබන පොසොන් බොදු බැති ගී සහ සංස්කෘතික ප්‍රසංගයෙන් පොසොන් කලාපයට විවිධත්වයක් මෙන් ම අලංකාරයක් ද එක් කෙරෙනු ඇති බවත් වාර්තා වනවා.

විචිත්‍ර වර්ණයන්ගෙන් සැරසුණු පහන් කූඩු සහ විදුලි ආලෝක ප්‍රදර්ශන, දන්සැල්, ඔසුපැන් හල්, භක්ති ගීත සහ විවිධ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ අලංකාරය විඳ ගැනීමට එක් වන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය සැදැහැ සිත් ඇති ලක්වැසි ජනයාට ආරාධනා කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56