කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යාංශයේ පශු සම්පත් අංශය මගින් ක්රියාත්මක කරනු ලබන ඒකාබද්ධ ග්රාමීය හා නාගරික සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්යාපෘතියේ (IRDCRP) අනපේක්ෂිත හදිසි අවස්ථා සඳහා වන ප්රතිචාර අංගය (CERC) පිළිබඳ රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අමාත්ය ලාල් කාන්තගේ ප්රධානත්වයෙන් හැටන් හිදී දී පැවැත්වුණා.
කොටගල, රොසිටා ගොවිපොළේ නිරීක්ෂණ කටයුත්තකින් අනතුරුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.
එහිදී අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ පශු වෛද්යවරුන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්ර නිලධාරීන් විසින් කිරි ගොවීන් වෙනුවෙන් සපයනු ලබන සේවාවන් පිළිබඳව සොයා බැලූ බවත්, එම සේවාවන් සම්බන්ධයෙන් ගොවීන් තෘප්තිමත්ද යන්න තහවුරු කරගැනීම රජයේ වගකීමක් බවයි.
එසේම, ප්රාදේශීය සභා හා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද ගොවීන්ගේ ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමට සක්රියව මැදිහත් විය යුතු බවත් අමාත්යවරයා අවධාරණය කළා.
කිරි ගොවීන් මුහුණ දෙන ප්රධාන ගැටලුවක් වන සත්ව ආහාර හිඟයට විසඳුමක් ලෙස, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපොළවල පවතින නිකරුණේ තිබෙන ඉඩම් කොටස්, ගොවීන්ට තණකොළ හා සත්ව ආහාර වගා කරගැනීම සඳහා ලබාදීමට ඇති හැකියාව පිළිබඳව අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර පියවර ගන්නා බවද අමාත්යවරයා මෙහිදී ප්රකාශ කර සිටියා.
එමෙන්ම, අමාත්යාංශය හරහා ක්රියාත්මක වන ණය යෝජනා ක්රම මගින් ගොවීන්ට අවශ්ය මූල්ය සහන ලබාදීමට කටයුතු කරන බවද අමත්යවරයා සඳහන් කළා.
