නුවරඑළිය අඹේවෙළ පට්ටිපොළ සංරක්ෂිත රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු නුවරඑළිය දිසා වන නිළධාරි කාර්යාලයේ නිළධාරින් විසින් ඊයේ (12) දින අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සැකකරුවන් අද (13) දිනයේදී නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එක් සැකකරුවෙක්ට රු.45000 බැගින් සැකකරුවන් පස් දෙනාට
රු.225000ක් සහ රක්ෂිතයට සිදු කල අලාභය රු.25000ක් ඇතුලු රු.250000ක මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
මෙසේ දඩ මුදල් ගෙවීමට නියම කරනු ලැබූවේ පැල්මඩුල්ල, බලංගොඩ, නාවලපිටිය සහ අඹේවෙළ ප්‍රදේශවල පදිංචි අවුරුදු 25-40ත් වයස් කාණ්ඩවල පසුවන අයටයි.
