ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් (නිවේදනය)

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ; මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රය පිළිබඳව ඇති වූ ගැටලුව සම්බන්ධ‍යෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වන බවයි.

එම පරීක්ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

WhatsApp Image 2024 09 19 at 12.09.15 PM
  1. මේ රටේ මොනදේ කරත් කොහොම හරි හොරෙක් ඉන්නවා. පව් අහින්සක ලමයි. කොහොම කොහොම හරි ලමයින්ට අසාදාරනයක් වෙන්න දෙන්න එපා

  2. නැවත පැවැත්වීමට සුදුසු නොවේ.

    පේපර් එක පිට කල ගුරුවරයා හා ඔහුට ලැබුනු ආකාරය අනුව අදාල පුද්ගලයින්ට දැඩි දඩුවම් දෙන්න විභාගවලදී නැවත මෙවැනි දේ සිදු නොකරන්න.
    සැමට පාඩමක් ලෙස.