Saturday, January 11, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 22ක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්දියානු රජය මඟින් ලබාදෙන ඩීසල් දුම්රිය එන්ජින් 22ක් ලබාගැනීම වෙනුවෙන් වන ගිවිසුමට අත්සන් තබා ඒවා පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලියේ වැඩිදියුණු කළ එන්ජින් 20ක් සහ එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 02ක් ප්‍රදානයක් ලෙස මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.

එම දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ සේවාව වසර 05ක කාලයකට ලබාදීම සඳහා වන නොකැඳවූ යෝජනාවක් ඉන්දියාවේ ඉංජිනේරු උපදේශක සහ යටිතල පහසුකම් සංවර්ධන සමාගමක් වන RITES සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර ප්‍රදානයක් වශයෙන් ලබා දෙන අදාළ දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින බවත්, දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය මඟින් එම කාර්ය ඉටුකරවා ගැනීම යෝග්‍ය බවත් 2024-06-11 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුව මඟින් නිර්දේශ කර ඇති බව සඳහන්.

එම ව්‍යාපෘති කමිටුව නිර්දේශ මතයි අදාළ දුම්රිය එන්ජින් මෙරටට ලබාගැනීම සඳහා අනුමැතිය අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තලතා අතුකෝරල ආපු නිසා අපේ පක්ෂයේ පිබිදිමක් ඇතිවෙයි
11:05
Video thumbnail
චීන පෝට්සිටියේ හදන වරායට ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තියයි
10:59
Video thumbnail
අපිලගේ සාදු ෆයර් වෙයි - ළඟදිම රාජ්‍ය සේවකයන්ටත් කෙළිනවා
04:04
Video thumbnail
ගමක් එක්ක හැප්පුණු තනි පවුලක් - ගමට යන පාර වහලා ගම්මුන්ට තදවෙයි
07:53
Video thumbnail
බෙහෙත් පෙත්ත බිව්වේ නෑ කියලා - දියතලාවේ 'සිසිර' මේල් නර්ස් පොඩි කොල්ලෙකුට හොඳටම නෙලලා
06:08
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම වෛද්‍ය නජිත් ඉන්දික සහ ශ්‍රිලපොපෙ පා.ම ඩී.වී චානක සහභාගීවන කස්තිරම
01:33:21
Video thumbnail
පානදුර නිවාස සංකීර්ණයට STF එකෙන් පැනලා - හොඳ Clean එකක් දෙනවා
03:18
Video thumbnail
අර්චුනා මහා පාරේ යකා නටපු Video එකක් ලීක් වෙයි
03:14
Video thumbnail
පළාත් පාලනයේදිවත් හොඳ තීරණයක් ගන්න
02:15
Video thumbnail
ශවේන්ද්‍ර සිල්වාගේ පැටිකිරයම එළියට - මෙන්න පාවිච්චි කරන සුපිරි වාහන
04:49

?