වෙඩි බෙහෙත් සහ සේවා නූලක් රැගෙන උඩ මළුවට ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

වෙඩි බෙහෙත් සහ අඩි එක හමාරක් පමණ දිගැති සේවා නූලක් රැගෙන ශ්‍රී මහ බෝධියේ උඩමළුවට ඇතුළු විමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පිටිගල තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු උතුරු දොරටුවෙන් ශ්‍රී මහා බෝධියට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරින් විසින් ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරිමේදී එහි ෂොපින් බෑගයක දමා ගෙන තිබු මෙම පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබුණා.

අද උදෑසන බුද්ධ පූජාව පැවැත්වෙන අවස්ථාවේ දී මෙම පුද්ගලයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සෙ පරිශ්‍රයට ඇතුළුවීමට යාමේදී එම ආරක්ෂක දොරටුවෙහි රාජකාරි කළ පොලිස් නිලධාරියා විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු අනුරාධපුර කලා වැව ප්‍රදේශයේ නිධානයක් හැරීම සඳහා මෙම වෙඩි බෙහෙත් සහ සේවා නූල් රැගෙන පැමිණි බවත් පසුව එම නිධානය පිහිටි ස්ථානය වතුරට යට වී තිබීම හේතුවෙන් අද දිනයේ එම කටයුතු සිදුනොවන බැවින් තමන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි බවටයි ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත්තේ,

සැකකරු සහ පුපුරණ ද්‍රව්‍ය අනුරාධපුර මුලස්ථාන පොලිසියට භාර දුන් බවයි උඩමළුව පොලිසිය කියාසිටියේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ නායකයින් දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50
Video thumbnail
ෆොන්සේකා සජිත්ගේ පලු අරී - පතාක යෝධයෝ හැමෝම දාලා ගියා
14:41
Video thumbnail
යාපනය ශික්ෂණ රෝහල බලන්න ආ ඇමති නලින්දට හැමෝගෙම ආදරේ හම්බුණ හැටි
01:29


?