වෙඩි බෙහෙත් සහ සේවා නූලක් රැගෙන උඩ මළුවට ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

වෙඩි බෙහෙත් සහ අඩි එක හමාරක් පමණ දිගැති සේවා නූලක් රැගෙන ශ්‍රී මහ බෝධියේ උඩමළුවට ඇතුළු විමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පිටිගල තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු උතුරු දොරටුවෙන් ශ්‍රී මහා බෝධියට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරින් විසින් ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරිමේදී එහි ෂොපින් බෑගයක දමා ගෙන තිබු මෙම පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබුණා.

අද උදෑසන බුද්ධ පූජාව පැවැත්වෙන අවස්ථාවේ දී මෙම පුද්ගලයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සෙ පරිශ්‍රයට ඇතුළුවීමට යාමේදී එම ආරක්ෂක දොරටුවෙහි රාජකාරි කළ පොලිස් නිලධාරියා විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු අනුරාධපුර කලා වැව ප්‍රදේශයේ නිධානයක් හැරීම සඳහා මෙම වෙඩි බෙහෙත් සහ සේවා නූල් රැගෙන පැමිණි බවත් පසුව එම නිධානය පිහිටි ස්ථානය වතුරට යට වී තිබීම හේතුවෙන් අද දිනයේ එම කටයුතු සිදුනොවන බැවින් තමන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි බවටයි ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත්තේ,

සැකකරු සහ පුපුරණ ද්‍රව්‍ය අනුරාධපුර මුලස්ථාන පොලිසියට භාර දුන් බවයි උඩමළුව පොලිසිය කියාසිටියේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

  1. Eka meeharak Sripal Kenek nariwadham kiyala nondi wela dan inne athule. Ita passe weerayo wenna thawa Sripal la hadenawa. Dan bawudhdha api oya weka ekama agamakata ho gahanne nahe,garahanneth nahe, wiwechanaya karanneth nahe. liyawila thiyena deya gena nodanna tharka danneth nahe. eyi dan anith agam wala ayatath budu dahamata ehema nokara inna bari????



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27