විදෙස් රැකියා ජාවාරමක් – හසුනොවන ලෙස විදේශ රැකියා අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය හරහා නෙදර්ලන්තයේ රැකියා දෙන බව පවසමින් එම අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ව්‍යාජ අත්සන සහ අමාත්‍යංශ ලිපි ශීර්ෂයක් භාවිත කරමින් මුදල් රැස්කරන ජාවාරමක් ක්‍රියාත්මක බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම ජාවාරම්කරුවන් සොයා විදේශ සේවා නියුක්ති කාර්යංශය විමර්ශන ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

එලෙස කටයුතු කරන ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙනවා.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ අමාත්‍යාංශය මඟින් විදේශ රැකියා සඳහා කිසිඳු පුද්ගලයෙක් යොමු නොකරන බවයි.

නීත්‍යානුකූල ලියාපදාංචි විදේශ රැකියා නියෝජිත ආයතන පමණක් පුද්ගලයන් රැකියා සඳහා පිටත්කර යවන බව සඳහන් කරන අමාත්‍යාංශය ලේකම්වරවයා රැකියා සඳහා කිසිඳු ලිපියකට අස්සන් කර නොමැති බවත් දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17