වතුකරයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාවක්

උතුරු, නැගෙනහිර සහ වතුකරය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂ සාකච්ඡාවක් අද (07) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳව මන්ත්‍රීවරුන්ගෙන් විස්තර ලබා ගත්තා.

විශේෂයෙන් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ජනතාවගේ ආදායම් මට්ටම, ජීවන වියදම ඉහළ යාම සහ උතුරු නැගෙනහිර සහ වතුකරයේ පවුල්වල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා.

උතුරු, නැගෙනහිර සහ වතුකරයේ පවතින මූලික යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන් ම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ. විශේෂයෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, පාසල් අධ්‍යාපනයේ පවතින ගැටලු සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහි දී දිර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා.

ඊට අමතරව 2027ට අදාළ අයවැය විවාදයේ දී විපක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද මෙහි දී මූලික වශයෙන් අවධානය යොමු විය. පවතින බදු බර ලිහිල් වූ ජනතාවට සහන සලසන අයවැයක් අපේක්ෂා කරන බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර සහ වතුකරයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවේ පැවසුවා.

මේ අවස්ථාවට වී රාධාක්‍රිෂ්ණන්, වෛද්‍ය ඊ. ශ්‍රීනාත්, ජී. ශ්‍රීනේෂන්, වෛද්‍ය රාමනාදන් අර්චුනා, ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, එම්. එස්. යු. ලෙබ්බේ, පී. සත්‍යලිංගම්, මුජිබර් රහුමාන් සහ කවීන්දිරන් කෝඩීස්වරන් යන මන්ත්‍රීවරුන් එක්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43