ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

“ආදරෙන් සුරකින්න අපිට ලොව දිනන්නට” තේමාව යටතේ මෙවර ලෝක ළමාදිනය සමරනු ලබනවා.

එමෙන්ම මෙවර ලෝක වැඩිහිටි දිනය ද අද සමරනු ලබන්නේ “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” යන තේමාව යටතේයි.

මෙවර ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා පාසල්වල අද දිනයේ විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබෙනවා.

මේ අතර ලෝක ළමා දිනය යෙදී තිබෙන අද දිනයේ දී වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අවසර ලබා දී ඇති බව වාර්තා වනවා.

ලෝක ළමා දිනයට සමගාමීව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන වැඩසටහන් පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මේ බව සඳහන් කළා.

මේ අතර ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 වනදා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර, වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) දිනයේ සිට ලබන 07 වනදා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?