හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඉරානය අතර එකඟතාවයකට පැමිණෙන බවට ජාත්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කිරීමත් අද (05) දිනයේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 80 සීමාවෙන් පහළට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.20ක් ලෙස සඳහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.40ක් දක්වා පහත වැටී තිබෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ එකඟතාවකට පැමිණිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයයි.













