ලිට්රෝ ගෑස් සඟවා තබාගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස එම සමාගම විසින් සියලුම අලෙවි නියෝජිතයන් වෙත විශේෂ නිවේදනයන් නිකුත් කරමින් දැනුම් දෙනවා.
මෙම උපදෙස් නොසලකා හරිමින් කටයුතු කරන නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි ලිට්රෝ සමාගම පවසන්නේ.
අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ අලෙවි නියෝජිතභාවය වහාම අහෝසි කිරීමට ද පියවර ගන්නා බවයි එම සමාගම වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
