ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සමස්ත අධ්යාපන පද්ධතියට අලුතින් ගුරුවරුන් 30,000ක් පමණ එක්කර ගැනීමට සැලසුම් කර ඇති බව අග්රාමාත්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අනුව ගුරුවරුන් 17,000ක් බඳවා ගැනීම සඳහා ලබන නොවැම්බර් 20 වනදා සිට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බවයි අග්රාමාත්යවරිය සඳහන් කළේ.
අද (18) පැවති ජාතික ජනබලවේගයේ බදුල්ල කාන්තා සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්රාමාත්යවරිය පැවසුවේ විශ්ව විද්යාල පද්ධතියට ආචාර්යවරුන් 2,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවත්, එම බඳවා ගැනීම් මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බවයි.
මේ අතර පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බවත් අග්රාමාත්යවරිය මෙහිදී සඳහන් කර සිටියා.










