ලක්ෂ 20ක් අල්ලස් ගත් සුරාබදු නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20ක අල්ලස් මුදලක් ලබාගත් සුරාබදු නිලධාරීන් තිදෙනෙක් උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (30) පස්වරුවේ වඩුක්කෝට්ටේ පොලිස් වසමේ වංකානේ ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු ආරියම්පදි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක සුරාබදු නියාමකවරයෙක් වන අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා අල්ලස් ගැනීමට ආධාර අනුබල දුන් වයස අවුරුදු 32 සහ 48 යන වයස්වල පසුවන සුරාබදු පරීක්ෂකවරුන් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් රඳවාගෙන සිටින හෙරෝයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකුට නඩුවක් නොදමා මුදාහැරීමට එම පුද්ගලයාගේ සහෝදරියගෙන් සැකකාර සුරාබදු නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ 20ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එම මුදල අදාළ පුද්ගලයාව රඳවගෙන සිටින වංකානේ සුරා බදු කාර්යාලය අසල නිවසට ගෙනවිත් ලබාදෙන ලෙසයි පවසා ඇත්තේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් අදාළ සහෝදරිය උතුරු පළාත් අපරාධ කොට්ඨාසයට ඊයේ (30) දහවල් පැමිණිලි කර තිබෙනවා.

පසුව එම කාන්තාව අදාළ මුදල් ද රැගෙන ඊයේ (30) පස්වරුවේ වංකානේ සුරා බදු කාර්යාලය අසලට ගොස් ඇති අතර, එහිදී සැකකරුගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් දී ඇයට පවසා ඇත්තේ මුදල් රැගෙන වංකානේ සුරා බදු කාර්යාලය අසළ පිහිටි නිවසට පැමිණෙන ලෙසයි.

පසුව ඇය එහි ගොස් අල්ලස් මුදල් ලබා දී සැකකාර සහෝදරයා බේරාගෙන නිවසින් පිටතට පැමිණීමේ පසු අදාළ නිවස වැටලූ උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සැකකාර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු නිලධාරීන් රඳවාගෙන සිටි සැකකරු තෙලිප්පලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර සුරාබදු නිලධාරීන් තිදෙනා අද (31) මල්ලාකම් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42