රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ පැවති රුපියල් 333.49 සිට රුපියල් 335.41ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර ස්විස් ෆ්‍රෑන්ක් වෙත සාපේක්ෂව එය සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව කියාසිටියේ.

කොමර්ෂල් බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේදී රුපියල් 317.47ක් වූ අතර ඊයේ දිනයේ එය සටහන් වුයේ රුපියල් 314.27ක් ලෙසයි. එමෙන්ම විකුණුම් මිල අද දිනයේදී රුපියල් 335ක් ලෙසට සටහන් වූ අතර ඊයේ දිනයේ දී එය රුපියල් 332.50ක් ලෙස දැක්වුණා.

අද සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය සටහන් වුයේ රුපියල් 318 ක් ලෙසට වන අතර විකුණුම් මිල රුපියල් 333ක් ලෙස සටහන්ව තිබෙනවා.

මහජන බැංකුවේ අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 316.41ක් වන අතර විකිණුම් මිල සටහන් වුයේ රුපියල් 339.91ක් ලෙසටයි.

එමෙන්ම ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 318ක් වූ අතර විකිණුම් මිල රුපියල් 336.54ක් ලෙස සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?