රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ පැවති රුපියල් 333.49 සිට රුපියල් 335.41ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ද රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර ස්විස් ෆ්‍රෑන්ක් වෙත සාපේක්ෂව එය සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව කියාසිටියේ.

කොමර්ෂල් බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේදී රුපියල් 317.47ක් වූ අතර ඊයේ දිනයේ එය සටහන් වුයේ රුපියල් 314.27ක් ලෙසයි. එමෙන්ම විකුණුම් මිල අද දිනයේදී රුපියල් 335ක් ලෙසට සටහන් වූ අතර ඊයේ දිනයේ දී එය රුපියල් 332.50ක් ලෙස දැක්වුණා.

අද සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය සටහන් වුයේ රුපියල් 318 ක් ලෙසට වන අතර විකුණුම් මිල රුපියල් 333ක් ලෙස සටහන්ව තිබෙනවා.

මහජන බැංකුවේ අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 316.41ක් වන අතර විකිණුම් මිල සටහන් වුයේ රුපියල් 339.91ක් ලෙසටයි.

එමෙන්ම ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 318ක් වූ අතර විකිණුම් මිල රුපියල් 336.54ක් ලෙස සටහන්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12