රිය අනතුරු යනු ත්‍රස්තවාදයක් – ලොව අවිනීතම රියදුරන් ඉන්නේ දකුණු ආසියාවේ (වීඩියෝ)

මෙරට තුළ සිදු වන රිය අනතුරුවලින් දිනකට වටිනා ජීවිත 07ක් අහිමි වන බව වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ලේඛක පියසෝම රොද්‍රිගෝ මහතා විසින් රචනා කරන ලද ”කොළ මාලන් හාස්‍යෝත්පාදක කෙටිකතා සංග්‍රහය සහ කඩදාසි ඔරු කාව්‍ය සංග්‍රහය” දොරට වැඩීමේ උත්සවයට එක් වෙමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

රිය අනතුරු යනු ත්‍රස්තවාදයක් බවත්, දිනකට සිදුවන අනතුරුවලින් පුද්ගලයි 20 දෙනෙකු පමණ සදාකාලික ආබාධිත තත්ත්වන බවත් අජිත් රෝහණ මහතා පැවසුවා.

කෙතරම් නීතිරීති තිබුණ ද, රියදුරන් එය නොතකන බවත්, ලෝකයේ අවිනීතම රියදුරන් සිටින්නේ දකුණු ආසියාතික රටවල බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

මාර්ග ආලෝක සංඥා පුවරු ආසන්නයේ දී දඟර ගැසුණු ආකාරයෙන් යතුරුපැදි හා ත්‍රීරෝද රථ අනෙකාව පසුකරමින් කඩිනමින් ගමන් කිරීමට දරන උත්සාහයන් ද මාර්ග නීතිරීති උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි බවත් එවනි ක්‍රියා හේතුවෙන් රට තුළ අවිනීතවත් රියදුරන් බිහි ව ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අදහසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23