මෙවර එක්දින ලෝක කුසලානයෙන් පසුව ක්‍රිකට් පිටියට සමුදෙන විශිෂ්ටයෝ

මෙවර ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට රටවල් තුනක ක්‍රීඩකයින් තිදෙනෙකු නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

එලෙස එක්දින පිටියෙන්, පන්දුවාර 20-20 සහ ටෙස්ට් තරග ආකෘතියෙන් යන සියලු ම ආකාරයේ ක්‍රිකට්වලින් සමුගන්නා ක්‍රීඩකයින් වන්නේ දකුණු අප්‍රිකාවේ ක්වයින්ටන් ඩී.කොක් (Quinton de Kock), එංගලන්තයේ ඩේවිඩ් විලී (David Willey) සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නවීන් උල් හක් (Naveen Ul Haq) බවයි වාර්තා වන්නේ.

කොක් ගේ සමුගැන්ම පිළිබඳ ව ඔහු ප්‍රසිද්ධියේ ම මීට පෙර අවස්ථා කිහිපයක දී ද සඳහන් කර තිබෙනවා.

ක්වයින්ටන් ඩී කොක් යනු දකුණු අප්‍රිකානු ක්‍රිකට් වංශ කතාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිය වෘත්තීය ක්‍රිකට් ජීවිතය තුළ සිදු කළ ජාත්‍යන්තරය ම පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

කොක් සමස්ත ජාත්‍යන්තර තුන් ආකාරයේ ම ක්‍රිකට්වලින් සිය පෞද්ගලික හේතුවක් මත ඉවත් වන අතර, සෙසු ක්‍රීඩකයින් ජාත්‍යන්තර එක්දින පිටියටයි සමුදීමට තීරණය කර ඇත්තේ.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කොක් 2013 ජනවාරි මස 19 වැනි දින එක්දින වරම් දිනාගත්තේ නවසීලන්තයට එරෙහිවයි.

ඉන් පසුව එය අවසන් කරනුයේ ඊයේ දිනයේ නිමාවට පත් වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය පරාජයට පත්වීමත් සමගයි.

2014 දී ඔස්ට්‍රේලියාවට එරෙහි ව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ කොක්, එය ද 2021 වසරේ දී ඉන්දියාවට එරෙහිව අවසන් කළා.

කොක් හට ජාත්‍යන්තර පන්දු වාර 20 ක්‍රිකට් ආකෘතියේ දොරටුව විවර වන්නේ 2012 නවසීලන්තයට එරෙහි ව වන අතර, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඔහු එය ද අවසන් කරන්නේ 2023 මාර්තු මාසයේ අග දීයි.

ක්වයින්ටන් ඩී. කොක් දකුණු අප්‍රිකාවේ කලක සිට ක්‍රීඩා කළ ලොව කඩුලු රකින්නන් අතර, ඉහළ පෙළේ කඩුලු රකින්නෙකු ලෙසට ද ප්‍රසිද්ධියක් උසුලනවා.

අංක 07 ජර්සියෙන් සිය රට වෙනුවෙන් කොක් ජාත්‍යන්තර එක්දින තරග 155කට එක් ව තිබෙනවා.

කොක් එහිදී ලබාගෙන ඇති විශිෂ්ටත ම ලකුණු සංඛ්‍යාව වන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහි ව ලකුණු 178ක්.

මුළු එක්දින ලකුණු 6770ක් ලබා ඇති කොක් නමින් ශතක 21ක්, අර්ධ ශතක 30ක් ද ඇතුළත්.

උඩ පන්දු රැක ගැනීම් 208ක් ද, කඩුලු රකින්නෙකු ලෙස ස්ටම්ප් කිරීම් 17ක් ද සමගින් ඔහුගේ පිතිකරණයේ සාමාන්‍යය දැක්වෙන්නේ 45.74ක් ලෙසයි.

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ දී හැඩකාර ඉනිම් රැසකට වග කියූ ක්වයින්ටන් ඩී කොක් ඉනිම් 10ක දී ලකුණු 594ක් ලබාගෙන කෝලිට පමණක් දෙවැනි වී තිබෙනවා.

ක්වයින්ටන් ඩී. කොක් මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට දී, ජාත්‍යන්තර එක්දින පිටියෙන් ද නිල වශයෙන් තමන් ලෝක කුසලානයෙන් පසුව ඉවත් වන බවටයි එංගලන්තයේ ඩේවිඩ් විලී සහ ඇෆ්ගනු කණ්ඩායමේ නවීන් උල් හක් සඳහන් කර ඇත්තේ.

නවීන් උල් හක් ඉදිරියේ දී එක්දින තරග සඳහා එක් නොවුණ ද,ජාත්‍යන්තර පන්දු වාර 20 තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

තවමත් 24 හැවිරිදි වියෙහි පසුවන නවීන් සඳහන් කර ඇත්තේ තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩාවෙන් ගෞරවයක් ලබාදීමට හැකි වීම සතුටක් බවයි.

එමෙන්ම තමන්ට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලය දුන් අවස්ථාවට ද සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා නවීල් උල් හක් ස්තුතිය පුදකර තිබෙනවා.

තමන් ව සෑම විට ම දිරිමත් කරන ක්‍රීඩා ලෝලීන්ට ද නවීන් සිය නොමඳ ගෞරවය පුද කර තිබෙන අයුරු දැකිය හැකියි.

තරග 13ක දී කඩුලු 20ක් නවීන් නමින් ලියැවී තිබෙනවා.

මීට අමතරව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ 33 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් විලී සඳහන් කර ඇත්තේ ද තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.

වත්මන් ලෝක ශූරයින් මෙවර ලෝක කුසලානයෙන් ඉවතට විසි වීමත් සමග ඩේවිඩ් ද සිය ක්‍රිකට් දිවියට තිත තැබීමට කටයුතු කළා.

ECB වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඩේවිඩ් විලී පවසා ඇත්තේ තමන්ට කුඩා කල සිට අවශ්‍ය වූයේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බවත්, එය තමන්ට හැකි අයුරින් ඉටු කළ බවත්, රටේ කමිසය අඳින්නටත්, කමිසය කෙළවරේ පපුවට ආසන්නයෙන් ඇති රටේ ජාතික කොඩිය වෙනුවෙන් උපරිම සේවය ක්‍රීඩාවෙන් තමන් සිදු කළ බවටත් ඔහු විශ්වාස කරන බවයි.

ඩේවිඩ් විලී 2015 මැයි මාසයේ දී අයර්ලන්තයට එරෙහි ව ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ අතර එක්දින තරග 70කට සහ විස්සයි20 තරග 43කට සහභාගි වී එක්දින කඩුලු 94ක් සහ විස්සයි20 කඩුලු 51ක් දවාගෙන සිටිනවා.

ඩේවිඩ් සිය මංගල එක්දින ලෝක කුසලානය මෙවර ක්‍රීඩා කරමින් තරග 03ක දී කඩුලු 05ක් බිඳ හෙලීමට සමත් වුණා.

මීට අමතර ව එක්දින ක්‍රීඩා පිටියෙන් සමුගෙන සිටි බෙන් ස්ටොක්ස් ද මෙවර ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට කැඳවා සිටිය ද, ඔවුන් තරගාවලියෙන් වේලාසනින් ම ඉවත් වීම නිසා, ඉදිරියේ දී එක්දින පිටියේ දී බෙන් ස්ටොක්ස් ව යළිත් දක්නට නොලැබෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
12
+1
6
+1
2
+1
28
+1
10
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34