2026 උසස් පෙළ විභාගය හෙට (10) දිනයෙන් ආරම්භ වනවා.
මෙවර උසස් පෙළ විභාගය හෙට (10) දිනයේ සිට ලබන සැප්තැම්බර් 05 වැනිදා තෙක් විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන සඳහා විභාගය පැවැත්වෙන අතරතුර කිසියම් ආපදා බලපෑමක් මතු වුවහොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.













