මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමේ දී නිලධාරීන් 10 ක් සහ රඳවියන් 22ක් ඇතුළු 32 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුකරයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති නඩු භාණ්ඩ පිළිබඳව මෙතෙක් එම වාර්තා නොලැබී ඇති බව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (29) පස්වැනි වරටත් අධිකරණයට වාර්තා කළා.
අදාළ වාර්තා ලබා ගැනීම සඳහා මීගමුව ප්රධාන මහේස්ත්රාත් ශීලනි පෙරේරා මහත්මිය විසින් සිහි කැඳවීමක් එහි ගොස් භාර දෙන ලෙස එම නිලධාරින්ට නියෝග කරනු ලැබුවා.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් කොස්තාපල් දුලංග නිලධාරියා පැවසුවේ සැකකාර ලේඛනයේ 38 සිට 52 දක්වා සැකකරුවන් 15 දෙනෙකු ආවරණය කර නම් කර ඇති වෙනත් සාක්ෂිකරුවන්ට හඳුනා ගැනීම සඳහා අද දින පෙරට්ටුව සඳහා අධිකරණයට යොමු කළ බවයි.
පෙරටුවේ හඳුනා ගැනීම සඳහා නව සාක්ෂිකරුවන් වශයෙන් 15 දෙනෙකුට ඉදිරිපත් කළ බවද සඳහන් කර සිටියා.
පෙරට්ටුව පැවැත්වීම සඳහා මෙහිදී ප්රධාන මහේස්ත්රාත්වරිය විසින් වැඩ බලන මහෙස්ත්රාත් ලෙස ප්රීමාල් අමරසිංහ මහතා කළා.
තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 2026 නොවැම්බර් 05 වැනි දින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට සැකකරුවන් 15 දෙනෙකු ආවරණය කර ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියා.
ඒ සඳහා සාක්ෂිකරුවන් 15 දෙනෙකු ද ඉදිරිපත් කරන බව සඳහන් කළා.
මහේස්ත්රාත්වරිය ඒ සඳහා ද නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඇප ලබා පිටව ගොස් ඇති සැකකරුවන් කීප දෙනෙකු පෙරට්ටුව සඳහා ඉදිරිපත් නොවන බව මෙහිදී නිලධාරින් විසින් අධිකරණයට පෙන්වා දුන්නේ.
එම සැකකරුවන් වහම අත්අඩංගුවටට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්රාත්වරිය නියෝග කළා.
එසේම ඇතැම් බන්ධනාගාරවල රඳවියන් ලෙස සිටින කීපදෙනෙකු පෙරට්ටු සඳහා ඉදිරිපත් නොවන බව එම නිලධාරින් ප්රකාශ කළ බැවින් ඔවුන්ට එම බන්ධනාගාර අධිකාරි මගින් සිතාසි භාර දෙන ලෙස නියෝග කළා.
මේ වන විට මෙම නඩුකරය සම්බන්ධව 2480 දෙනකුගෙන් ප්රකාශ ලබාදෙන තිබෙන බවත් තවත් ඉතිරි සැකකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගෙන ඉතා ඉක්මනින් මෙම නඩුකරය අවසන් කිරීමට කටයුතු කරන බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඉදිරිපත් කළ විමර්ශනවල ප්රගති වාර්තාව සලකා බැලීමෙන් පසු මීගමුව ප්රධාන මහේස්ත්රාත් ශිලනී පෙරේරා මහත්මිය නියෝග කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට චෝදනා ලැබ සිටින සැකකරුවන් 106 දෙනාම නොවැම්බර් 05 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
මීගමුව බන්ධනාගාරයේ ජූලි පහ හය යන දිනවල ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 10 දෙනෙකු සහ රැඳවියන් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 100 යකට අධික පිරිසක් තුවාල ලැබුවා.
පසුගිය නඩු දිනයේදී ඝාතනයට පත්ව මියගිය සියලු දෙනා වෙනුවෙන් මරණ සහතික ලබා ගැනීමට අධිකරණ රෙජිස්ටාර්වරයා වෙත එම මියගිය අංගයේ ඥාතීන් යොමු කරන ලෙස ලබා දී තිබූ නියෝගය අනුව මෙදිනද එම මරණ සහතික ලබා ගැනීමට එම ඥාතීහු ඥාතීන් අධිකරණයට පැමිණි සිටියා.
නොවැම්බර් 05 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතයි.
