මියගිය මුණුපුරාගේ මළ මිනිය සමඟ මිත්තණිය දින 10ක් නිවසක් තුළ (ඡායාරූප)

දින 10ක පමණ කාලයක් මියගිය තම මුණුපුරාගේ මෘත ශරීරය සමඟ නිවසේ ජීවත් වූ කාන්තාවක් පිළිබද පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මොහ්රිපූර්වා ප්‍රදේශයේ 65 හැවිරිදි කාන්තාවක් සිය 17 හැවිරිදි මුණුපුරාගේ මෘත ශරීරය සමඟ මෙලෙස නිවස තුළට වී සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම කාන්තාව පදිංචිව සිටි නිවසින් දුර්ගන්ධයක් වහනය වන බවට අසල්වැසියන්ගෙන් පොලිසියට ලද පැමිණිල්ලකින් පසු සිදුකළ සොයා බැලීමක දී මේ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව පසුගිය ඉරිදා පොලිසිය පැමිණ සොයාබලන විටත් මියගොස් සිටි මුණුපුරාගේ මෘත ශරීරය දැඩිලෙස නරක් වී තිබූ බවටයි දැක ගැනීමට හැකිව ඇත්තේ.

මියගොස් සිටි ප්‍රියංෂු නැමැති 17 හැවිරිදි මුණුපුරාගේ මරණයට හේතුව සොයාගැනීම සඳහා මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මිතිලේෂ් නමැති 65 හැවිරිදි මිත්තණිය මානසික සෞඛ්‍ය ඇගයීමක් සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
2
+1
15
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01