චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වන මැකාවුහි පළමු ජාතික ආරක්ෂක නඩුවෙන් හිටපු මන්ත්‍රීවරයෙකු වන අවු කාම් සැන්ට වසර 12 හමාරක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
රහසිගතව පැවති නඩු විභාගයකින් අනතුරුව මැකාවු අධිකරණය ඔහු රාජ්‍ය බලය පෙරළීමට කුමන්ත්‍රණය කිරීම, රහස්‍යභාවය උල්ලංඝනය කිරීම සහ විදේශීය පාර්ශ්ව සමඟ එක්ව කටයුතු කිරීම යන චෝදනාවලට වරදකරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.
2009 වසරේ මැකාවු ජාතික ආරක්ෂක නීතිය හඳුන්වා දීමෙන් පසු එම නීතිය යටතේ ප්‍රසිද්ධියට පත් වූ පළමු නඩු පැවරීම මෙයයි.
අවු කාම් සැන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2025 වසරේදීයි.
මැකාවු ප්‍රදේශයෙන් පිටත සංවිධාන, කණ්ඩායම් හෝ පුද්ගලයන් සමඟ සම්බන්ධතා පවත්වා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියා සිදුකිරීම ද ඔහුට එරෙහි චෝදනාවලට ඇතුළත්.
අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුට පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධ වීමට සහ පෞද්ගලික නීතිඥයෙකු ලබා ගැනීමට අවසර නොදුන් බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරනවා.
මෙම නඩුව, හොංකොංහි ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරය මර්දනය කිරීමේදී චීනය අනුගමනය කළ ක්‍රියාමාර්ගවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බව ද වාර්තා වනවා.
