spot_imgspot_img
spot_img

මාර්ගය අසල සිටි පිය පුතු දෙපළ ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)

ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී මාර්ගය අසල සිටි දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි අයෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.

අද (18) දහවල් 1.40ට පමණ ගාල්ල දඩල්ල ලයිට් හවුස් සංචාරක හෝටලය ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා පිය පුතු දෙපළක් අතර හෝටලයේ නතරවී සිටි කිසියම් සංචාරකයකු මුණගැසීමට ඔවුන් හෝටලයට පැමිණ නැවත පිටව යාමේ දී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි අයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සඳහන්.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් හෝ මෝටර් රථය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?