මාර්ගය අසල සිටි පිය පුතු දෙපළ ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)

ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී මාර්ගය අසල සිටි දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි අයෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.

අද (18) දහවල් 1.40ට පමණ ගාල්ල දඩල්ල ලයිට් හවුස් සංචාරක හෝටලය ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා පිය පුතු දෙපළක් අතර හෝටලයේ නතරවී සිටි කිසියම් සංචාරකයකු මුණගැසීමට ඔවුන් හෝටලයට පැමිණ නැවත පිටව යාමේ දී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි අයකු මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සඳහන්.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් හෝ මෝටර් රථය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15