මහ මග යමින් තිබූ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වෙයි (වීඩියෝ)

විහාර මහා දේවී උද්‍යානය ආසන්නයේදී යතුරුපැදියක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. අද පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම යතුරුපැදිය විහාරමහාදේවි උද්‍යානය අසල දී කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර එම අවස්ථාවේදී එය ගිනි ගැනීමට ලක් වූ බව එහි ගමන් ගත් තරුණයන් දෙදෙනා සඳහන් කළා.

එම ස්ථානයේ සිටි රථවාහන පොලිස් නිලධාරීන් යතුරුපැදිය ගිනි ගැනීමට ලක් වන බව දැක කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව ගිනි නිවීම් රථ දෙකක් එම ස්ථානයට පැමිනෙන විටත් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන තිබෙනවා.

පසුව ගිනි නිවීම් භටයින් වහා ක්‍රියාත්මක වී යතුරුපැදියේ ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?