මහින්ද කහඳගමගේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඉතා සමීපව කටයුතු කර ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී තිබේන බව මධ්‍යම අපරාධ කොට්ඨාසය අද (06) අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එහි නිලධාරීන් අවසර ඉල්ලා සිටියා.

ඒ අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ලබන 09 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන ලෙසයි.

මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකදී, අද (06) පෙරවරුවේ ඔහුව අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වුණා.

ඒ අනුව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී, ඔහු ඩුබායි රාජ්‍යයට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමඟ සාදයක් පවත්වන දර්ශන පෙළක් විමර්ශන නිලධාරීන්ට හමුවී තිබෙනවා.

එම දර්ශනවල ‘මෝදර නිපුන’ නමැති අපරාධකරුගේ සහෝදරයා වන චතුර දිල්රුක්ෂාන් සහ ‘කෙසෙල්වත්තේ දිනූෂ’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින අතර, ඔවුන් සමඟ කහඳගම මහතා ඉතා සමීපව කටයුතු කරන ආකාරය දැක්වෙනවා.

එහිදී ඔවුන් කහඳගම ‘ඩැඩා’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම ද සිදු කරනවා.

එමෙන්ම ‘ඉබ්බගේවත්තේ සුජී’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ ද ඔහු සමීප සබඳතා පවත්වා ඇති අතර, ඔවුන් අතර සිදු වූ දුරකථන සංවාදවල තොරතුරු ද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

ඔහු ‘ඉබ්බගේවත්තේ සුජී’ගෙන් ලබාගත් අයිස් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මරණ තර්ජන පවා එල්ල වී තිබූ බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී තිබෙනවා.

මේ අතර මහින්ද කහඳගමගෙන් ලද තොරතුරු මත පදනම්ව සිදු කළ වැටලීමකදී, මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1100ක් සමඟ නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් ඇති අතර, ඔවුන් අද (06) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03