හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ සේවය කිරීම හේතුවෙන් උසස්වීම් ලබාදුන් බව කියන පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ නිලයන් පහත දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
මහින්දගේ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ගම් ප්රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කිරීම, ඔහුගේ ආරක්ෂක අංශයේ සිටීම යන කරුණු හේතුවෙන් මෙම නිලධාරීන් තිදෙනාට 2010 වසරේ දී උසස්වීම් ලබාදී මේ වනවිට
ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස කටයුතු කරන බව වාර්තා වනවා.
ඒ අනුව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස කටයුතු කරන නිලධාරීන් තිදෙනකු යළි ප්රධාන පොලිස් පරීක්ෂක ධුරය දක්වා පහත හෙළා ඇති බව සඳහන්.
අදාළ නිලධාරීන් සහ ඔවුන් ප්රධාන පොලිස් පරීක්ෂක ධුරය දක්වා උසස් කෙරුණු දිනයන් පහතින් දැක්වෙනවා.
ජ්යෙ.පො.අ. පී.පී.එස්. ගුණතිලක – 2006.01.01
ජ්යෙ.පො.අ. ඒ.ජේ.වයි.බී. ක්රිෂාන්ත – 2005.01.01
ජ්යෙ.පො.අ. පී.එම්.පී. පෙරේරා – 2006.01.01
