මව සහ පෙම්වතා එක්ව අවුරුදු 10 දරුවා ඝාතනය කරලා – ගමන් මල්ලක් තිබී සිරුර සොයාගෙන

මව සහ ඇයගේ පෙම්වතා විසින් 10 හැවිරිදි දරුවා ඝාතනය කර ගමන් මල්ලක සැඟවූ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කරනවා.

ගුවහාටි හි බසිස්ත ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර, උපකාරක පංති ගිය තම දරුවා යළි නිවසට නොපැමිණි බවට දරුවාගේ මව සෙනසුරාදා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කළ පොලිසියට අනාවරණය කර ගැනීමට හැකිව ඇත්තේ දරුවාගේ මව සැමියාගෙන් වෙන්ව ජෝතිර්මෝයි හලෝයි නැමැති පුද්ගලයෙකු සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවයි.

පොලිසියට එම පුද්ගලයා පිළිබඳව ඇති වූ සැකය මත ඔහුගෙන් ප්‍රශ්නකර ඇති අතර, එහිදී මෙම අපරාධය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

දරුවාගේ මව සහ ඇයගේ පෙම්වතා විසින් දරුවා ඝාතනය කර සිරුර ගමන් මල්ලක දමා ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක දමා ඇති බවයි විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් දරුවාගේ සිරුර බහාලූ ගමන් මල්ල පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, ඒ අසල තිබී දරුවාගේ පාසල් බෑගය ද සොයාගෙන තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් දරුවාගේ මව සහ ඔහුගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධය පිටුපස ඇති නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවයි ගුවහාටි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04