මව සහ පෙම්වතා එක්ව අවුරුදු 10 දරුවා ඝාතනය කරලා – ගමන් මල්ලක් තිබී සිරුර සොයාගෙන

මව සහ ඇයගේ පෙම්වතා විසින් 10 හැවිරිදි දරුවා ඝාතනය කර ගමන් මල්ලක සැඟවූ පුවතක් ඉන්දීය මාධ්‍ය අද වාර්තා කරනවා.

ගුවහාටි හි බසිස්ත ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර, උපකාරක පංති ගිය තම දරුවා යළි නිවසට නොපැමිණි බවට දරුවාගේ මව සෙනසුරාදා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කළ පොලිසියට අනාවරණය කර ගැනීමට හැකිව ඇත්තේ දරුවාගේ මව සැමියාගෙන් වෙන්ව ජෝතිර්මෝයි හලෝයි නැමැති පුද්ගලයෙකු සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවයි.

පොලිසියට එම පුද්ගලයා පිළිබඳව ඇති වූ සැකය මත ඔහුගෙන් ප්‍රශ්නකර ඇති අතර, එහිදී මෙම අපරාධය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

දරුවාගේ මව සහ ඇයගේ පෙම්වතා විසින් දරුවා ඝාතනය කර සිරුර ගමන් මල්ලක දමා ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක දමා ඇති බවයි විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් දරුවාගේ සිරුර බහාලූ ගමන් මල්ල පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, ඒ අසල තිබී දරුවාගේ පාසල් බෑගය ද සොයාගෙන තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් දරුවාගේ මව සහ ඔහුගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධය පිටුපස ඇති නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවයි ගුවහාටි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05