මවගෙන් කෝටු පාර කෑ යාපන සිඟිත්තා දරුකමට හදාගන්න ඉල්ලා ඇමතුම් 100ක්

සිය මවගෙන්‌ අඹානුෂික ලෙස පහරකෑමට ලක්ව යාපනය ශික්ෂණ රෝහලේ තවමත්‌
ප්‍රතිකාර ලබමින්‌ පසුවන මාස 09 ක්‌ පමණ වයසැති සිඟිති දරුවා දරුකමට හදාවඩා ගැනීමට ඉල්ලීම්‌ කරමින්‌ මෙරට සහ විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකික මවූපියන්ගෙන්‌ යාපනය මූලස්ථාන පොලිස්‌ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ප්‍රසාද්‌ ප්‍රනාන්දු මහතාගේ ජංගම දුරකතනයට මේ වන විට ඇමතුම් හා කෙටි පණිවිඩ සියයකට වැඩි ප්‍රමාණයක්‌ ලැබී ඇති බව පොලිසියේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

චාසනාංචන්ත හුරුබුහුටි දරු පැටවකු බව කියමින්‌ මෙම ඉල්ලීිම්කර ඇත්තේ දරුවන්‌
නොමැති මව්පියන්‌ බවද කියති. ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගෙ දුරකතනයට වැඩිම ඉල්ලීම් ප්‍රමාණයක් ලැබි ඇති බව කියන්නේ යුරෝපීය රටවල පදිංචිව සිටින ලාංකිකයන්ගෙන් බවද පැවසේ. දරුවකු දරුකමට හදාවඩා ගැනීමට කටයුතු කළ යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පොලිස්‌ පරීක්ෂකවරයා දුරකතන ඇමැතූම්‌ දුන්‌ හා කෙටි පණිවිඩ එවූ සැමට පැහැදිලිකරදී ඇත.

මවගේ අමානුෂික කෝටු ප්‍රහරයකට ලක්‌ වු බව කියන දරුපැටවා මුදාගැනීමට කටයුතු කළ
පොලිස්‌ නිලධාරීන්ට ප්‍රසාදය පළකරමින්‌ කැනඬාවේ පදිංචිච සිටින ශ්‍රී ලංකික අඹු සැමි යුවලක් යාපනය මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරික්ෂක ප්‍රසාද්‌
ප්‍රනාන්දු මහතාට මල්‌ කළඹක්‌ එචා තිබේ. කැනඩාවේ පදිංචිව සිටින මෙම ද්‍රවිඩ ජාතික
අඹුසැමි යුවළ යාපනයේ පදිංචි සොහොයුරා මගින්‌ මෙම මල්‌ කලඹ පොලිස්‌
ස්ථානාධිපතිවරයාට පෙරේදා පිරිනමා ඇත. මේ අතර යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින්‌
සිටින දරුවාගේ ආරක්ෂාවට පොලිස් කොස්ථාපල්‌වරියන් දෙදෙනකු යොදවා තිබෙන
බවද පොලිසිය පැවසීය. ප්‍රතිකාරවලින්‌ පසුව සිණිත්තා පරිවාස බාරයට පත්කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

උතුරු පළාත්බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සහ යාපනය දිසාබාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ්‌ සේනාරත්න යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටනේ යාපනය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි උජිත්‌ ලියනගේ සහ යාපනය සහකාර පොලිස්‌ අධිකාරි අශෝක ගුණසේකර යන මහන්වරුන්ගේ මෙහෙයවීම මත යාපනය මූලස්ථාන පොලිස්‌ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ප්‍රසාද්‌ ප්‍රනාන්දු මහතා
ප්‍රධාන පොලිස්‌ කණ්ඩායමක්‌ මේ සම්බන්ධයෙන්‌ වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

සසැදි පුවත් – මම මේක වීඩියෝ කරන්න කිව්වේ, මගේ සැමියාට යවන්න

අමානුෂික ලෙස මාස නවයේ බිලින්දාට පහරදුන් මවගෙන් පාපොච්චාරණයක් (වීඩියෝ)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47