Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මනමේ නාට්‍ය කණ්ඩායම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවේ

මනමේ නාට්‍ය ශ්‍රී ලංකාවේ වේදිකාගත කොට අවුරුදු හැත්තෑවක් කිරීම නිමිත්තෙන් එම නාට්‍ය කණ්ඩායම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

කොළඹ, කොල්ලුපිටිය,පස්වන පටු මගේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසේදී මෙම හමුවීම සිදු වුණා

ලලිතා සරත්චන්ද්‍ර ඇතුළු මෙම නාට්‍ය කණ්ඩායම සුහදව එම නාට්‍ය පිළිබඳව කතිකාවක යෙදුණු බවට වාර්තාවනවා.

මනමේ පළමු වේදිකා නාට්‍ය වේදිකා ගත වෙද්දී රනිල් වික්‍රමසිංහද එම පළමු රංගනය නරඹා තිබෙන අයෙක් බවටත් සඳහන් වෙනවා.