දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම වාතයේ ගුණාත්මක භාවය පහළට

දිවයිනේ උතුරු හා වයඹ දිශාවල විශේෂයෙන්ම යාපනය, මන්නාරම යන දිස්ත්‍රික්කවලත් අනුරාධපුරය, පුත්තලම, මුලතිව් හා ක්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් වාතයේ අවලම්බිත ක්ෂුද්‍ර අංශු (PM10. PM25) ඉහළ යෑමක් වාර්තා වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙම තත්ත්වය සඳහා ශ්‍රී ලංකාවට බැහැරින් පැමිණෙන සුළං ධාරාවන් හේතුවී ඇති අතර, එම තත්ත්වය ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය අනුව සංවේදි පුද්ගලයන්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් ඇතිවිය හැකි බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

සාමාන්‍ය ජනතාවට ඉතා අඩු බලපෑමක් පවතින අතර, මධ්‍යම පරිසර අධිකාරිය විසින් වායු ගෝලීය තත්ත්වය සම්බන්ධයෙන් අඛණ්ඩව පසුවිපරම් කර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව සඳහන්.