පාතේගම, වැලිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් EZ Cash ක්‍රමය මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට පොලිස්පතිතුමා වෙත ලද තොරතුරකට අනුව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වාංචා විමර්ශන ඒකකය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භකර පවත්වා ගෙන යනු ලබනවා.
විර්මශනයට අනුව ඉහත සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී ඇති වැහේන, පාතේගම ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 150කට අධික වටිනාකමකින් යුත් නිවසක් නීති විරෝධි වත්කම් විර්මශන කොට්ඨාසය විසින් අද (04) දින සිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













