බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේ දී අද (04) රාත්‍රියේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.