බිරිඳගේ අනියම් සම්බන්ධය හෙළිකර ගන්න රොබෝ වැකුම් ක්ලීනරයක් භාවිත කළ සැමියා නඩුව ජයගනී

තම බිරිඳගේ අනියම් සම්බන්ධය පිළිබඳ සාක්ෂි රැස් කිරීම සඳහා රොබෝ වැකුම් ක්ලීනරයක් භාවිත කළ තායිවානයේ සැමියෙක් සිවිල් නඩුවකින් ජයග්‍රහණය කළ නමුත්, පසුව බිරිඳගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වූ පුවතක් වාර්තා වනවා.

මෑතකදී නිකුත් කරන ලද අධිකරණ තීන්දුවකින් හෙළි වූයේ, මෙම පුද්ගලයා 2021 දී විවාහ වූ බවයි.

මෙම යුවළ තම දෙමාපියන් සමඟ ජීවත් වූ අතර නිවාඩු කාලය තුළ පමණක් ඔවුන්ගේ නිවාඩු නිකේතනයට ගොස් තිබෙනවා.

2023 සැප්තැම්බර් මාසයේදී, නිවාඩු නිකේතනයේ භාවිත කළ දත් බුරුසුවක් සැමියා විසින් සොයාගැනීමත් සමඟ ඔහු තුළ යන සැකයක් මතුව තිබෙනවා.

අනතුරුව වාහන නැවැත්වීමේ ගරාජයේ ආරක්‍ෂිත කැමරා දර්ශන සමාලෝචනය කිරීමෙන් පසු, තම බිරිඳ සමඟ නිවසට ඇතුළු වූ නාඳුනන පිරිමි පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැමියා මාස තුනකට පසු, නිවසේ රොබෝ වැකුම් ක්ලීනරයේ කැමරාවක් සවිකර එය ජංගම දුරකථනයෙන් ක්‍රියාකළ හැකි ආකාරයට සකසා ඇයගේ කටයුතු නිරීක්ෂණය කර ඇති බව සඳහන්.

එහිදී තම බිරිඳ වෙනත් පිරිමියෙකු සමඟ සමීප ඇසුරක් පවත්වන ආකාරය නිරීෂණය වී ඇති අතර, නීතිමය හිමිකම් පෑමක් සඳහා සාක්ෂි සොයමින්, ඔහු දර්ශන පටිගත කිරීමට පටන් ගෙන තිබෙනවා.

වීඩියෝවේ ඔහුගේ බිරිඳ ඇඳුම් මාරු කරන ආකාරය, ඇගේ යැයි කියන පෙම්වතා වැළඳ ගන්නා ආකාරය සහ නිවස තුළ නොමැතිව ගමන් කරන ආකාරය, ඇගේ පෙම්වතාසෝෆාව මත වැතිර සිටින ආකාරය ඔහු එමඟින් පටිගත කර තිබෙනවා.

ඉන් ටික කලකට පසු, සැමියා තම බිරිඳට සහ ඇගේ පෙම්වතාට එරෙහිව තම විවාහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට සාක්ෂි ලෙස දර්ශන භාවිතා කළ අතර, තායිවාන ඩොලර් මිලියන 02ක වන්දියක් එහිදී ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ සම්බන්ධතාවය සාමාන්‍ය මිත්‍රත්වයේ සීමාවන් ඉක්මවා ගොස් ඇති බව අධිකරණය තීරණය කළ අතර සැමියාට තායිවාන් ඩොලර් 500,000 ක වන්දියක් ගෙවීමටයි බිරිඳට සහ ඇයගේ පෙම්වතාට නියම කර ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම සිවිල් ජයග්‍රහණය සාක්ෂි ලබා ගත් ආකාරය සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිවිපාකවලින් සැමියා ආරක්ෂා කර නැහැ.

ඒ අනුව පසුව බිරිඳ තම අවසරයකින් තොරව පෞද්ගලික දර්ශන පටිගත කළ බවට චෝදනා කරමින් ප්‍රති-නඩු පැවරීමට කටයුතු කර ඇති අතර, එහිදී ඔහුගේ ක්‍රියාවන් “නීත්‍යානුකූලව යුක්ති සහගත” බවත් ඔහු තර්ක කර තිබෙනවා.

කෙසේ වෙතත්, විවාහක බැඳීම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය අභිබවා නොයන බව තීන්දු කරමින් අධිකරණය ඔහුගේ විත්ති ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය. පටිගත කිරීම හිතාමතා කළ බව එය තීරණය කළේය.

කෙසේ නමුත් නීති විරෝධී ලෙස පෞද්ගලික රූප පටිගත කිරීම සම්බන්ධයෙන් අවසානයේ ස්වාමිපුරුෂයාට මාස පහක සිර දඬුවමක් සහ තායිවාන ඩොලර් 150,000 ක දඩයක් නියම කිරීමටයි අධිකරණය කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25