අද (02) උදෑසන නැදුම්ගමුව සිට වැලිමඩ නගරයට ගමන්ගත් පුද්ගලික බස් රථයක පාපුවරැවේ සිටි මවක් මුත්තයියා හන්දියේ දී වංගු සහිත ස්ථානයක දි බස් රථයෙන් විසිවී මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ,ගල්ගොඩ කන්ද,ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් 51 එක් දරු මවක්.
මෙම මව වැලිමඩ නගරයේ වෙළඳ සැලක කම්කරු රැකියාවක් සිදුකරන අතර,උදෑසන රැකියාවට යාමේදී මෙම අනතුරු සිදු වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
පොලිසිය සඳහන් කරන අන්දමට අද උදෑසන හතයි තිහට පමණ වංගු සහිත ස්ථානයක පිටුපස දොරෙන් විසි වීමෙන් තුවාල ලබා වැලිමඩ රෝහලෙට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්වය හේතුවෙන් බදුල්ල මහ රෝහලට රැගෙන යන අවස්ථාවේදී අදාළ කාන්තාව මියගොස් ඇති බවයි.
මෘත ශරීරය මෙි වන විට බදුල්ල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගෙන හෙට (03) දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැඩිදුර පරීක්ෂණ වැලිමඩ පොලිසිය මගින් සිදු කරයි.