Thursday, December 5, 2024
Empty Ad
AFC Banner

බලාගාර ආශ්‍රිත ජලාශ කිහිපයක ජල ධාරිතාවය ඉහළට

කාසල්රි සහ මවුස්සාකැලේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , (02) දින උදැසන වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 140 දක්වා ඉහල ගොස් ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර , එම ජලාශයේ ජල මට්ටම අඩි 108 දක්වා ඉහල ගොස් ඇති බවයි ජලාශයන් භාර ඉංජිනේරුවරුන් කියා සිටියා.

ජලාශ දෙකේම ජල ධාරිතාව 90% දක්වා ඉහල ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත්, පවතින අධික වර්ෂාව තව දින කිහිපයක් පැවතිය හොත් එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණිය හැකි බව ජලාශ භාර ඉංජිනේරුවන් වැඩිදුරටත් පැවසිය. මෙහිදි  විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් වන බව එම දෙපාර්තමේන්තුව පවසා සිටියා.

කාසල්රි ජලාශය 2
කාසල්රි ජලාශය 3
කාසල්රි ජලාශය 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?