බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අද (17) දින ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගල්අඟුරු ආනයනයේදී හා ඒ ආශ්‍රිත විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියා සිදු වී ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලද අතර බලශක්ති අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇත්තේ එම කොමිසමේ අපක්ෂපාතී හා ස්වාධීන ක්‍රියාවලියට සහය පළ කිරීමක් ලෙසයි.

ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කර ඇත්තේ ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල්අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් මගින් ජනාධිපතිවරයා වෙත ඇති දූෂණයට එරෙහි සහ ජන වරමට කැපවුණු නිර්භීත අධිෂ්ඨානය තමන් අගය කරන බවයි.

ඒ අනුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදුවිය යුතු බවට තමන් විශ්වාස කරන බවත් විමර්ශනය සිදු වන අතරතුර තමා එම තනතුරේ රැඳී සිටීම පවා ඊට බාධාවක් වනු ඇත යන ස්ථාවරය මත පිහිටා අද (17) දින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල තම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත විමර්ශනවලට අවහිරයක් නොවීම සහ විමර්ශනවල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ඊට පහසුකම් සැලසෙන පරිදි තමන් දරන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම යෝග්‍ය බවට තමන් විශ්වාස කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
28
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01