පුහුණුකරුවන්ගේ රැස්වීමකදීත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන උණුසුම් වාද විවාද

පසුගියදා අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා රටාව සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුම් මේ දක්වාත් අවසන් වී නැහැ.

ඊයේ සවස කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවති ජාතික පුහුණුකරුවන්ගේ රැස්වීමක් අතරමැද දීත් මේ ගැටලුව නැවතත් ඉස්මතු වී තිබෙනවා.

එම රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් සහ උසස් දක්ෂතා අංශය ප්‍රධානී ටිම් මැක්ස්කිල් ද එකතු වී සිටියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දේශීය පුහුණුකරුවන් සහ විදේශීය පුහුණුකරුවන් අතර උණුසුම් වාද විවාද ඇති වී තිබෙනවා.

අවසානයේ මේ තත්ත්වය ගැටුමක් ඇති වීමට ආසන්න තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවයි ක්‍රීඩාංගණ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ එම උණුසුම් මත ගැටුමට මැදි වූ මහේල ජයවර්ධන ද අදාළ පාර්ශවයන්ට බරපතල ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වනවා.

මෙම රැස්වීමේදී පන්දු රැකීමේ පුහුණුකරු විසින් ලෝක කුසලාන තරගාවලියේ අන්ත පරාජයට වගකිව යුත්තේ දුර්වල පිතිකරණය බවට චෝදනා කර ඇති අතර එහි වගකීම නවීඩ් නවාස් විසින් බාරගත යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මෙලෙස පිතිකරණ පුහුණුකරුට චෝදනා කරන පන්දු රැකීමේ පුහුණුකරු වගකීම් දැරු ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය තුලදී වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් අතහැරි කණ්ඩායම ලෙස වාර්තාවක් ද පිහිටවනු ලැබුවා.

සමස්ත ලෝක කුසලාන තරගාවලිය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින්නන් විසින් අතහැර දැමූ උඩපන්දු සංඛ්‍යාව 22ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
17
+1
3
+1
3
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44