Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන හොර වෙබ් අඩවියක් හදලා මුදල් වංචා කරලා – අවුරුදු 25 සැකකරු අල්ලයි

පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර පුද්ගලයෙකු රවටා ඔහුගේ ගිණුම් ප්‍රවේෂ දත්ත ලබාගනිමින් බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් වාරියපොල පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අදාළව එම කාර්යංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ, අනුව සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වූ තොරතුරු මත මෙම මුදල් වංචාව සිදුකළ බවට සැකකරුවෙක් ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලික ආයතනයක සේවය කරන දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අවුරුදු 25ක රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, වාරියපොල පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.