Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පිල්ලෙයාන්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම කැඳවීම ජනවාරි 18

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ලබන ජනවාරි මස 18 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

එදින මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණය කළ එම නියෝගයේ සඳහන් වුණා.