spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්ටර් ජෙරොම් සමාව අයදියි – හෙට දිනයේ ලංකාවට පැමිණෙන බවත් දන්වයි

තමන්ට හෙට (22) දිනයේ දී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවනු ඇති බව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පවසනවා.

ඒ, සම්බන්ධයෙන් තම නීතිඥයින් කටයුතු කරමින් පවතින බවයි දේවගැතිවරයා සඳහන් කළේ.

මෙරට පැවති මෙහෙයකට සූම් තාක්ෂණය ඔස්සේ අද (21) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ බෞද්ධ, හිංදු සහ ඉස්ලාම් බැතිමතුන්ට තම ප්‍රකාශයෙන් සිදු වූ සිත් රිදවීම පිළිබඳව සමාව අයැද සිටින බවයි.

එදින තමා කළ ප්‍රකාශය සත්‍යයක් බවත් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද යළි අවධාරණය කර සිටියා.

බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරු වන ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු චෝදනාවට ලක්ව සිටිනවා.

එම ප්‍රකාශත් සමඟ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සිටියා.

ඒ, අනුව ඔහුට රටින් පිටවීම වළක්වාලමින් පසුගිය දා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළ අතර, එම නියෝගය නිකුත්කරන අවස්ථාව වනවිටත් ඔහු මෙරටින් පිටව සිංගප්පූරුව බලා ගොස් තිබුණා.

කෙසේ වෙතත් ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් යොදමින් පවසා තිබුණේ තමන් යළි අද (21) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

එලෙස පවසා තිබුන ද දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මේ අද (21) දිනයේ මේ දක්වා දිවයිනට පැමිණ තිබුණේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
30
+1
2
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?