පාස්ටර් ජෙරොම් සමාව අයදියි – හෙට දිනයේ ලංකාවට පැමිණෙන බවත් දන්වයි

තමන්ට හෙට (22) දිනයේ දී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවනු ඇති බව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පවසනවා.

ඒ, සම්බන්ධයෙන් තම නීතිඥයින් කටයුතු කරමින් පවතින බවයි දේවගැතිවරයා සඳහන් කළේ.

මෙරට පැවති මෙහෙයකට සූම් තාක්ෂණය ඔස්සේ අද (21) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ බෞද්ධ, හිංදු සහ ඉස්ලාම් බැතිමතුන්ට තම ප්‍රකාශයෙන් සිදු වූ සිත් රිදවීම පිළිබඳව සමාව අයැද සිටින බවයි.

එදින තමා කළ ප්‍රකාශය සත්‍යයක් බවත් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද යළි අවධාරණය කර සිටියා.

බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරු වන ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු චෝදනාවට ලක්ව සිටිනවා.

එම ප්‍රකාශත් සමඟ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සිටියා.

ඒ, අනුව ඔහුට රටින් පිටවීම වළක්වාලමින් පසුගිය දා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළ අතර, එම නියෝගය නිකුත්කරන අවස්ථාව වනවිටත් ඔහු මෙරටින් පිටව සිංගප්පූරුව බලා ගොස් තිබුණා.

කෙසේ වෙතත් ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් යොදමින් පවසා තිබුණේ තමන් යළි අද (21) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

එලෙස පවසා තිබුන ද දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මේ අද (21) දිනයේ මේ දක්වා දිවයිනට පැමිණ තිබුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48