පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතීත්වයෙන් එම සංසදය පසුගියදා (22) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවාග

ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තා වන අතර, වසරකට කාන්තාවන් 1,000ක් පමණ මෙම රෝගයෙන් මිය යනවා. පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වුවද, බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාදවීම ප්‍රධාන ගැටලුවක් ලෙස පෙන්වා දී තිබෙනවා.

මේ අනුව, නොවැම්බර් 02 වන සඳුදා දින, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සිය ආසන හා දිස්ත්‍රික්ක මට්ටමින් සෞඛ්‍ය සායන සහ වැඩසටහන් සංවිධානය කිරීමට හා ඒවාට සෘජුවම සම්බන්ධ වෙනවා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ද රෝස පැහැති සංකේත (Pink ribbons / Pink wristbands) සහ ඇඳුම් භාවිත කරමින් පියයුරු පිළිකා මර්දන රෝස මාසය වෙනුවෙන් සක්‍රිය සහභාගීත්වය ප්‍රකාශ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ග්‍රාමීය, වතු ආශ්‍රිත, නාගරික තට්ටු නිවාස සහ සහභාගීත්වය අඩු ප්‍රදේශවල කාන්තාවන් සුවනාරී සායන වෙත යොමු කරවා ගැනීමට මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනවා. දැනට වයස අවුරුදු 35-45 අතර කාන්තාවන් සඳහා වන සුවනාරී සායනවලට පැමිණෙන්නේ 50්‍%ක පමණ පිරිසක් බැවින්, එම පිරිස ප්‍රධාන පිළිකා පූර්ව හඳුනාගැනීමේ මධ්‍යස්ථානවල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට කාන්තාවන් දිරිමත් කරන්නට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව, ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ මූලිකත්වයෙන් ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා.

මීට අමතරව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය (GRP) සහ රැකවරණ ආර්ථිකය (Care Economy)පිළිබඳව ද අවධානය යොමුකර තිබෙනවා. ජාතික රැකවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ අයවැය ක්‍රියාවලියට ස්ත්‍රී පුරුෂ සංවේදී ප්‍රතිපත්තීන් ඇතුළත් කිරීම සඳහා තාක්ෂණික උපදේශක සහාය ලබා ගැනීමට අදාළ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

තවද, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත, නඩත්තු පනත සහ ළමුන්ට කායික දඬුවම් පැමිණවීම වැළැක්වීමේ නීතිවල පවතින අඩුපාඩු නිරාකරණය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හා සම්බන්ධ වී එම සංශෝධන කටයුතු කඩිනම් කිරීමට තීරණය කරන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්මීහු ඇතුළු කාරක සභා සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්මින්ස්ටර් පදනමේ (WFD) මෙරට නි‍යෝජිතයන් පිරිසක් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූ බවට වාර්තාවෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53
Video thumbnail
"අපේ පුතා ම#පු උන්ට හොඳක් වෙන්නේ නෑ..ඕකුන් අත්අඩංගුවට ගන්න"ඉෂාරගේ පුංචි හඬා වැටෙයි
02:04
Video thumbnail
ජනප්‍රියම බීඩි සමාගමක වෙළඳ නාමය අවභාවිතා කළ මුද්‍රණ සහ මුද්‍රණාලයක් වටලයි - තිදෙනෙකු කොටුවෙයි
00:50
Video thumbnail
කොබෙයිගනේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මියයාම ගැන කියන කතා - දවස් දෙකක් පොලිසියේ ඉදලා මැ#ලා තියෙන්නේ
04:42
Video thumbnail
හොඳ පදමට බීලා, බීමත් රියදුරන් අල්ලන ග්‍රාම ආරක්ෂක - "මේ බලන්න හොඳටම බීලා ඉන්නේ මෙයා.."
01:33