පානදුර රන්කොත් විහාරස්ථානයේ ඉදිකල “පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය” විවෘත කිරීම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි විසින් අද (14) සිදුකළ බවට වාර්තාවෙනවා.
යුනෙස්කෝ ලෝක මතක පිළිබඳ අන්තර් ජාතික ලේඛනයට ඇතුලත් කරන ලද ඓතිහාසික පානදුරා වාදය හා සබැඳි ලිපිලේකණ ප්‍රදර්ශනය සඳහා මෙම මැදිරිය ඉදිකර තිබෙනවා.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ප්‍රධන මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ මෙය විවෘත කරනු ලැබුණා.
විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ අමරපුර පාර්ශ්වයේ මහනායක චන්ද්‍රකීර්ති විනේතෘ මහාචාර්ය රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය අතිපූජ්‍ය කහපොල සුගතරතන මහණායක හිමිගේ අනුශාසනා පරිදි රන්කොත් විහාරය, ජාතික පුස්තකාල සහ ප්රලේකණ සේවා මණ්ඩලය එක්ව බෞද්ධාලෝක පදනම විසින් මෙය සංවිධානය කර තිබුණා.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්වන නීතිඥ නිලන්ති කොට්ටහච්චි ඇතුළු දේශපාලන නියෝජිතයින්, විශේෂ අමුත්තන් රැසක්ද මෙම අවස්ථාව එක්ව සහභාගිවුණා.
