පාදුක්කේ කැළෑවක් තුළ මහා පරිමාණ සූදු පොළක්

පාදුක්ක – බෝපේ ප්‍රදේශයේ ලඳු කැළෑවක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොළක් වටලා පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් මෙම සූදු පොළ වටලා ඇති බවයි වාර්තා වුණේ.

එහි තිබී රුපියල් දොළොස් ලක්ෂ හැත්තෑදෙදහස් අටසීයයක මුදලක් පොලිස් භාරයට ගෙන ඇති අතර කලක සිට මෙම සූදු පොළ ලඳු කැළෑව තුළ පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ලද තොරතුරක් අනුව දින දෙකක කාලයක් දිවා – රාත්‍රී සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් වැඩි පිරිසක් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් බවට අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර නීතිමය කටයුතු පාදුක්ක පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16