ප්‍රශ්නගත BYD වාහන තොගය ආපසු හරවා යැවීමට තීරණයක්

පනතේ කොන්දේසි සපුරා නැතිව නීතියට පිටින් ගෙනවිත් අති වාහන ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇති බවයි.රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අදහස් දක්වමින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා පැවසූවේ

ආන්දෝලනයට තුඩුදී තිබෙනා ආනයනය කරන ලද වාහන 1500 ක් රේගු භාරයේ රඳවා තබා ගැනීම සම්බන්ධ සිදුවීම එම කාරක සභාව විසින් රේගු ප්‍රධානීන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කෙරිණ. එම වාහන සම්බන්ධ තාක්ෂණික කරුණු සොයා බැලීමට ජාත්‍යාන්තරව පිළිගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක් ඇත්දැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා රේගු නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.

ප්‍රශ්නගත විද්‍යුත් වාහන තොගයේ මෝටර් ධාරිතාව ගැන මොරටුව සරසවිය හරහා ඇගයීමක් සිදු කරන බව රේගු නිළධාරීන් ඔහු සඳහන් කළේය.

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ උසාවියට ගිය ප්‍රශ්නයක් හෙයින් මේ ගැන තවදුරටත් කතා කළ නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
12
+1
27
+1
4
+1
34
+1
7
+1
22
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?