කිසිවෙකුගෙන් පෞද්ගලිකව පිළිගැනීමේ චේතනාවක් ජාතික ජන බලවේග ආණ්ඩුවට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව පළිගැනීමකින් තොරව ශිෂ්ඨසම්පන්න ලෙස දූෂිතයින්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි තේමාව ඔස්සේ ආණ්ඩුව විසින් සංවිධානය කරන ජන රැළි මාලාවේ ගම්පහ නගර සභා පිටියේ අද (27) පැවති ජන රැළියේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
දූෂිතයින්ට ආණ්ඩුව විසින් දඩුවම් ලබාදෙනු ඇති බවට වූ ජනවරමේ හරය වසර දෙකක් තුළ ඔප්පුකර ඇති බවයි ජනධිපතිවරයා මෙහිදී පැවසුවේ.
මෙම ජන රැළියේ දී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක ජනධිපතිවරයා සඳහන් කළේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ මෙම වසර දෙක තුළ ජාතිවාදී ගැටුමක් පිළිබඳව කිසිඳු පොලිසියකට පැමිණිල්ලක් නොලැබුණු වසර දෙකක් බවයි.
ඒ, අනුව ජනතාව විශ්වාස කළ ජාතිවාදී ගැටුම් තොර පාලනය මෙම වසර දෙක තුළ සකසා ඇති බවයි ජනධිපතිවරයා සඳහන් කර සිටියේ.
එමෙන්ම මෙම වසර දෙක තුළ නීතිය, තරාතිරම නොබලා ක්‍රියාත්මකවන රටක් මෙම වසර දෙක තුළ නිර්මාණය කර ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
රාජ්‍ය දේහයම ගිලගෙන සිටි මත්ද්‍රව්‍ය සහ පාතාලය ලංකාවෙන් මුළුමන්ම ඉවත් කිරීමට වැඩකරන යන බවත් ඔහු මෙම ජන රැළියේ අදහස් දක්වමින් සඳහන් කළා.













